පාදයේ ඇති තුවාලයක් සුවකර ගැනීමට ඉබ්බාගමුවේ නගරයේ බටහිර බෙහෙත් අලෙවිහලකින් ඉල්ලාගත් බෙහෙත් පෙත්තක් බිව් ඉබ්බාගමුවේ කරණවෑමියකු විනාඩි 10ක් ඇතුළත මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
බෙහෙත් පෙත්ත ගැනීමෙන් පසු ඔහුගේ මුළු සිරුරම ගැහෙන්නට පටන් ගත් බවත් ඒ සමග ඇද වැටුණ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බෙහෙත් හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

