ගේල් - කෝලි රාජකීය පිතිහරඹයක


අයි. පී. එල්. තරගාවලියේ 70 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ලකුණු 24 ක ජයක් ලබගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ විරාට් කෝලි පන්දු 29 කින් නොදැවී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

කි‍්‍රස් ගේල් (28) සමග එක්වූ කෝලි බැංගලෝර් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

සාහිර් ඛාන්  ඕවර 4 ක් යවා ලකුණු 17 කට චෙන්නායි පිලේ ප‍්‍රභල කී‍්‍රඩකයන් සිව් දෙනෙක් (මයිකල් හසී, සුරේශ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි, රවින්ද්‍ර ජඬේජා) දවාගනිමින් තම පිලේ ජය තහවුරු කළේය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය  ඕවර 8 කට සීමාකර තිබිණ.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 8 කදී කඩුලූ 4 ට 106
(විරාට් කෝලි නොදැවී 56, කි‍්‍රස් ගේල් 28, මොයිසස් හෙන්රික්ස් 12) 

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 8 කදී කඩුලූ 6 ට 82
(මුරලි විජේ 32, ඞ්වේන් බ‍්‍රාවෝ 11, මහේන්ද්‍ර සිං දෝනි 24, සාහිර් ඛාන් 17/2)

(*)