මේ වසර මුලදී 12 දෙනකුට මරු කැඳවමින් දකුණු ජර්මනියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එහි සංඥා පාලකවරයාට වසර තුන හමාරක සිර දඬුවමක් ලබාදීමට එරට අධිකරණය නියෝග කර ඇත.
අනතුරින් 90 දෙනකුට අධික පිරිසක් තුවාල ලැබූහ. මේ වසරේ පෙබරවාරි 9 වැනිදා දුම්රිය දෙකක් එකම මාර්ගයේ ගමන් කරවීම හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බවත් දුම්රිය දෙකට සංඥා ලබාදුන් මයිකල් පී නමැත්තා එම අවස්ථාවේ සිය ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.
මියුනිච් නගරයට කිලෝමීටර් 60ක දුරකින් සිටි දුම්රියට වැරදි බොත්තම ඔබා සංඥා ලබාදී ඇති ඔහු අනතුර සම්බන්ධයෙන් වැරදිකරු කැරිණි.