දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් පිටතට පැමිණි කාර් රථයක් අද සවස එම හුවමාරුවේ ගේට්ටුව කඩා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් වෙත ගාස්තුව ගෙවා ඉතිරි මුදල් ද ආපසු ගෙන ඇති බවත්, එතැන සිටි පොලිස් නිලධාරියා වාහනය අසලට එද්දී ගේට්ටුවද කඩාගෙන පළා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

