මාතර හා වැලිගම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තිහකට අද සිට සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් තිදෙනා බැගින් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.
මේ අනුව රතු හා කොළ කොඩිද, රන්තෑරුම් ද සමග සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ 92ක් පැය අටේ සේවා කාලයකට යටත්ව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට යොදවනු ලැබ සිටිති.
එක් අයකුට රුපියල් 7500ක දීමනාවක් ගෙවන බව පොලිසිය කියයි.