ගේ හොයාගන්න බැරි නළුවා


2017-02-16-ent-54අපේ සිනමාවෙ තරැණ නළුවෙක් ළඟදි අලුත් ගේකට පදිංචියට ගිහින් තියෙනවා දෙල්ගොඩ පැත්තට. මෙයාගෙ තාත්තත් ජනප්‍රිය නළුවෙක්, ගෙදර ඉන්නෙ මෙයයි, අම්මයි, තාත්තයි, නංගියි.

ඔන්න අලුත් ගෙදරට ගිහින් සතියක්වත් ගියෙ නැහැ, මෙයාට පට්ට පාටියක් සෙට්වෙලා යාළුවොත් එක්ක.

හොඳටම කට්වෙලා, කෙළින් හිටගන්න බැරිවුණාම තමයි කවුදෝ කෙනෙක් අහලා තියෙන්නෙ ගෙදර යන්නෙ නැද්ද කියලා. ඒ වෙනකොට පාන්දර 2ත් පහුවෙලා.

බොහොම අමාරැවෙන් වාහනේ එළවගෙන ඇවිත් ගෙවල් පැත්තෙ රවුම් කීපයක් ගියාට එයාට ගේ හොයාගන්න බැරිවෙලා.

බැරිම තැන හන්දියේ ත්‍රීවිල් ස්ටෑණ්ඩ් එකට ඇවිත් තාත්තගෙ නම කියලා ඇහුවලු "අර අලුතින් ආපු අහවල් නළුවගෙ ගේ තියෙන්නෙ කොහෙද" කියලා. ත්‍රීවිල් රියදුරා එකපාරටම ඇහුවලු "ඉතින් ඔයා අර අහවල් නළුවගෙ පුතානෙ" කියලා.

 

DESHAYA