ගේ මැද වළ කැපු මිනිහා රිමාන්ඩ්


බිරිය හා අත දරුවා වළ දැමීමට ගෙයි මැද වළක් කැපු බව කියන මිල්ලනිය බැල්ලන්තුඩාවේ බී ජී රවින්ද්‍ර පෙරේරා (42) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බණ්ඩාරගම සංචාරක උසාවියේ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා නියෝග කළේය.

සැකකරුට හරියට රැකියාවක් ද නැත.

ඔහු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට ඉදිරිපත් කැර වාර්තාවක් සපයන ලෙසද මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කළේය.