මිරිස් කැඩීමට හේනට ගිය ගෙවිලියකට පහර දී ඇය ටික දුරක් ඔසවාගෙන ගොස් කදන් දෙකක් අතරට දමා කොළ අතු වලින් වසා ගිය වල් අලියකු අදත් එතැනට පැමිණ සිටින බව ගම්වැසියෝ කියති.
අලි ප්‍රහාරයයෙන් තුවාල ලැබු මහාමන්කඩවල ඇලයාපත්තුවේ කේ ජයන්ති නම් දෙදරු මව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. අගේ දෙපා හා අත් වලට තුවාල වී ඇත.
දර කඩන්ට ගිය පිරිසක් අතර සිටි ආබාධිත සෙබළකු තම කමිසය ගලවා ඒ දෙසට විසිකළ විට අලියා ඇය අතහැර කැලයට ගොස් ඇත.