පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු රාඩා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ එතෙර ගමන් තහනම් කිරිමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් පොලීසිය අද ලබා ගත්තේය
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පහත නිවේදනය නිකුත් කළේය.
පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වු උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයයේ අනුමැතිය මත රාඩා නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත.
මේ ආයතනයේ සභාපති ලෙස කටයුතු කැර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.
මහා භාණ්ඩාගාර වැය ශිර්ෂ 803 යටතේ මහා භාණ්ඩාගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා මෙම රාඩා අයතනයට මුදල් ලබා දී ඇත.
නිවාස සෑදීමේ කටයුතු සඳහා බී එම් කේ හෝල්ඩින්ග්ස් නැමැති ආයතනයත් එවරස්ට් සිවිල් ඉංජිනියරින් නැමැති ආයතනයකුත් පිහිටුවාගෙන ඇත.
මෙම ආයතන දෙකෙන් බි එම් කේ හෝල්ඩින්ග්ස් යන ආයතන ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් වන අතර එවරස්ට් සිවිල් ඉංජිනියරින් යන අයතන කිසිදු ලියාපදිංචියක් සිදු කැර නැත.
තවද මෙම ආයතනයන්හි ලිපිනයන් සම්පුර්ණයෙන්ම ව්‍යාජ වේ.
මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබෙන මුදල් ජනාධිපතිකාර්යාලය විසින් රාඩා ආයතනයට බැර කරන අතර රාඩා ආයතනය විසින් ඉහත ව්‍යාජ ආයතන හරහා ඌමීස් ටෙක්ස්ටයිල් ලිමිටඩ් නැමැති ආයතනයට එම මුදල් බැර කර ඇත.ඉහත බී එම් කේ හෝල්ඩින්ග්ස් නැමැති ව්‍යාජ ආයතනයේත් ඌමීස් ටෙක්ස්ටයිල් නැමැති ආයතනයෙත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කැර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් කුමාර් නැමැති පුද්ගලයා වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ ඔහුගේ මව හා සහෝදර සහෝදරියන් වේ.
මෙම ඌමීස් ටෙක්ස්ටයිල් ආයතනයට ලැබෙන රජයේ මුදල් එම ආයතනයෙන් නැවත ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන අය හා එල් ටි ටී ඊ සාමාජිකයෙකුව සිටි ඇති එමිල් කාන්තන් යන අය බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේ අනුව රාධා ආයතනය වෙත රුපියල් මිලියන 645 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඒවා ඇති අතර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වල කිසිදු නිවසක් මොවුන් විසින් ඉදි කැර නොමැති බවයි.
මේ වන විට එකී මුදලින් රුපියල් මිලියන 125 ක් (චෙක්පත් 09 ක් මගින්) වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.තවද මෙම රාධා ආයතනය 2006 වර්ෂයේදීම වසා දමා ඇත.
මේ සම්බන්ධයෙන් ව්‍යාජ ආයතනයන්හි අධ්‍යක්ෂවරුන් වන ශාන්ති කුමාර් ගජන් කුමාර් යන අයවත් ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර් යන අයවත් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන අය ඇතුළු රාඩා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන ඇත.
දුෂණ විරෝධි පෙරමුණ විසින් පොලිස්පති වෙත භාරදී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසිනි.

