රත්ගම,ඉඹුලේගොඩ ටියුෂන් ගුරුවරයකු වන කාලිංග නිලන්ත ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසින්ද තවත් නිවෙස් තුනකින්ද මොහු රුපියල් ලක්ෂ හයක පමණ භාණ්ඩ සොරකම් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මොහු අනුරාධපුරයේ ටියුෂන් කරද්දී ගැහැණු වැසිකිළියට යන එන අයගේ දර්ශන රහසින් වීඩීයෝ කළැයි සිර දඬුවම් විද ඇති අයෙකියි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

