හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි ගැහැනුන් තිදෙනකු පෑලියගොඩ දිප්පිටිගොඩ දී රුපියල් ලක්ෂ 12ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් ළඟ තිබී රුපියල් අනූ දෙදහසක් ද, විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බවත්, කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි මේ දෙදෙනා දිප්පිටිගොඩ නිවසක් කුලියට ගෙන කුඩු ඔතමින් සිටි බව ද, පැකට් කරන කුඩු ප්‍රමාණය අනුව ඔවුන්ට මුදල් ගෙවන බව ද පොලිසිය කියයි.

