ගෙනාවෙ මහින්දගෙ ප්‍රචාරයටලු


මිරිහාන ජුබිලි කණුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ශබ්ද පරිපාලන උපකරණ වීඩියෝ තිර ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පෞද්ගලික ආයතනයක් මසකට රුපියල් දෙලක්ෂයක කුලියට ගත් ගොඩනැගිල්ලේ මෙම උපකරණ තිබූ බවත් මිරිහාන පොලිසිය පවසයි.

අලුත්ම ශබ්ද පරිපාලන උපකරණ පෙට්ටි 34 ක් එහි තිබූ බවද හිටපු ජනපති උපදේශකයකු භාරයේ එම භාණ්ඩ එහි ගබඩාකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇත. ආරක්ෂකයන් විසින් දෙන ලද දුරකථන අංක වලින් පිළිතුරක් නොලැබීම නිසා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.

පොලිසියට මේ ගැන ඔත්තුව දී ඇත්තේ කෝට්ටේ නාගරික මන්ත්‍රී චින්තක උදය ශාන්ත මහතාය. රියදුරා හා සහායකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

මේවා ජනපතිවරණ සමයේ තැන තැන වීඩියෝ ප්‍රචාරක කටයුතු සඳහා ගෙනැවිත් තිබූ භාණ්ඩ බව අනුමාන කෙරේ.

RDS_9999 Still0115_00000 Still0115_00003 Still0115_00010

ඡායාරූප බිමල් ශ්‍යාමන්