තඹුත්තේගම මැදි විදුහලේ ජයමාලි නිස්සංක (17) දැරිය අපොස සාපෙළ විභාගය ලිවීම වැළැක්වීම සඳහා තරහකරුවකු ඇගේ ගෙට ගිනි තබා පිවිසුම්පත විනාශ කළත් එම දැරිය අද විභාගයට පෙනී සිටියාය.
නිල ඇඳුම පිළිස්සී තිබූ නිසා ඇය පාට ඇඳුමින් විභාගයට ගියාය.
ඇය විභාගයට ගියේ විදුහල්පති ඇගේ ඡායාරූපයක් සහතික කර දීමෙන් පසුවය.
ඇගේ කාමරයට ගිනි තැබීමෙන් ගෙට සෑහෙන හානියක් සිදු කර ඇත.