ගෙට ඇතුලූ වූ සොරු වෛද්‍යවරියගේ මව ඝාතනය කරති


 

පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය කර නිවසේ තිබූ විදේශ මුදල් රැගෙන ගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. වෛද්‍යවරියත් අගේ සැමියාත් සේවයට ගොස් ඇති අතර ඇය පමණක් නිවසේ තනිවම සිට ඇත. මියගිය මව තරප්පුපෙළ අසල ලේ ගලමින් සිටියදී සොයාගෙන ඇත.