ගූගල් සෙවුම් යන්ත්‍රය අම්බෙඩ්කාර් අගයයි


අන්තර්ජාල සේවා ලබාදෙන ලොව ප්‍රමුඛතම ගූගල් ආයතනය ඉන්දියා දේශපාලඥයෙකු මෙන්ම බෞද්ධ නායකයකු වන බිම්රාවෝ අම්බෙඩ්කාර් අගයමින් ඔහුගේ උපන් දිනය යෙදෙන අප්‍රේල් 14 වැනිදා ගූගල් ලාංඡනයට අම්බෙඩ්කාර් රුව එකතු කර ඇත.

ඒ ඔස්සේ අම්බෙඩ්කාර් පිළිබඳ සියලු තොරතුරු ගූගල් පිටු හරහා සපයා ගත හැකිවෙයි.

මහත්මා ගාන්ධි විසින් දෙවියන්ගේ දරුවන් ලෙස හැඳින්වූ කුල හීන පවුලක උපත ලද අම්බෙඩ්කාර් පසුකලෙක ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ප්‍රගුණ කර නීතිවේදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, සමාජ සේවකයෙකු සහ සුප්‍රකට දේශපාලඥයෙකු බවට පත්විය.

නුතන ඉන්දියානු ව්‍යවස්ථාව නිර්මාණය කෙරුනේ ඔහුගේ මුලිකත්වයෙනි.

පසු කලෙක තමන් අයත්වූ ජන කොට්ඨාශයට කුල භේදය නිසා සිදුවන අසාධාරණත්වයට එරෙහිව සටන් කරමින් සාධාරණත්වය පතා බුදු දහම වැළඳ ගත්තේය. අම්බෙඩ්කාර් සමඟ ඉන්දියාවේ කුල හීන යැයි කියන විශාල පිරිසක්ද බුදු දහම වළඳගත්හ.

web