අන්තර්ජාල වෙබ් අඩවියේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් 1996දී හඳුන්වා දුන් ගූගල් සමාගම සිය මුල් පිටුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ රුව අද (4) සැරැසීය. බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයකු ගූගල් සමාගමෙන් කළ ඉල්ලීම අනුව මෙම අනුග්‍රහය දක්වා ඇත.
ගූගල් යන ඉංග්‍රීසි වචනයේ ‘ජී‘ අකුර මැද අසිපත ගත් ශෛලිගත සිංහයාගේ රුව දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් උළෙල දා ගූගල් සමාගම එය පියවර ගෙන ඇත.
1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය.
අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියකි. දිනපතා හය කෝටියක් ගූගල් භාවිත කරයි.
ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්
) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.
ඇමෙරිකා ඩොලර් ලක්ෂයකින් (රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකින්) ඇරැඹු ගූගල් සමාගමේ අද මාස තුනක වත්කම ඇමෙරිකා ඩොලර් කෝටි 1000 හෙවත් රුපියල් කෝටි 127,000 කි.