ගුවනේදී පිස්සු කෙළියාට පරීක්ෂණයක්



ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන්වී නැවතත් ශ්‍රී ලංකාව එන අතරමගදී එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු ගුවන්යානයේ බීමතින් හැසිරුණේ යැයි කියන සිද්ධිය පිළිබඳව කණ්ඩායමේ කළමණාකරුගේ වාර්තාව පදනම් කරගනිමින් පරීඬණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම පරීක්ෂණයේදී ආදාල ක්‍රීඩකයා වැරදිකරු වුවහොත් විනය පියවර ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වාර්තා මගින් මේ පිළිබඳව දැනගත් බවත් ඒ පිළිබඳව කනගාටු වන බවත් සිද්ධිය පිළිබඳව කණ්ඩායම් කළමණාකරු සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් පවසයි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ කළමණාකරු ලෙස මෙම සංචාරයට ජයන්ත සෙනෙවිරත්න මහතා සහභාගි විය.


සබැඳි පුවත්

දේශපාලක පුතා ගුවනෙදි යානයේ දොර අරින්න හදලා