ගුවනින් දියට බැස නාවික හමුදාව පරදවති


‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ ඔරු පැදීමේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමත්විය. ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව ශී‍්‍ර ලංකා නාවික හමුදාවට දෙවැනි ස්ථානය හිමිවිය.

මෙම තරග ඉසව් කේවල, යුගල සහ කණ්ඩායම් ලෙස කාණ්ඩ 3 කින් පැවති අතර ගුවන් හමුදා කී‍්‍රඩකයෝ එම කාණ්ඩ 3 හිම ජයග‍්‍රහණ අත්කරගනිමින් සමස්ත තරගය ජයගත්හ. නාවික හමුදාවට හිමිවූයේ එම ඉසව් 3ම දෙවැනි ස්ථානයි.

කේවල තරග ඉසව්වේ ශූරතාවය
1. ගුවන්භට චතුරංග (ගුවන් හමුදාව)
2. එස්. බී. ඞී. පී. එස්. ෆොන්සේකා (නාවික හමුදාව)

යුගළ තරග ඉසව්ව
1. සැරයන් ඇලෝසියස් සහ නායක ගුවන් භට චන්ද්‍රකුමාර (ගුවන් හමුදාව)
2. බී. ජී. ඞී. අයි. කරුණාරත්න සහ ඩබ්. ජී. එස්. එල්. ගුණරත්න (නාවික හමුදාව)

කණ්ඩායම් ඉසව්වේ ශූරතාවය
නායක ගුවන් භට සඳරුවන්, නායක ගුවන්භට කාරියවසම්, නායක ගුවන්භට සමරවීර, ගුවන්භට සංජීව සහ නායක ගුවන් බට ජයසිංහ (ගුවන් හමුදාව)

කණ්ඩායම් ඉසව්වේ අනුශූරතාවය
ආර්. ඞී. සී. එස්. කරුණාසේන, පී. ජී. ඩබ්. පි‍්‍රයදර්ශන, එන්. ජී. ඒ. එන්. ගුණවර්ධන, එච්. ඒ. එස්. ජී. හතුරුසිංහ  සහ ඩබ්. එස්. කේ. විමලදාස (නාවික හමුදාව)

ගුවන් හමුදාවේ සැරයන් ඇලෝසියස් සහ නායක ගුවන් බට චන්ද්‍රකුමාර තරගයේ නියැලෙමින්

 

ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම තරගයේදී