(අංජුල මහික වීරරත්න)
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත් වීමේ/ සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D, 39-D සහ 42-D යන අවකාශ 4 හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාලාවල අලෙවිසැල් වසර 03 ක කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද පහත සඳහන් ආයතන සමඟ මෙහෙයුම් කටයුතු ජීවත්වා ගෙන යාම පිණිස ගිවිසුම්ගත වීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.