ගුවන් ගමන් පාලකවරුන් පෙරදින සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය අද (04) සවස 6.30ට අවසන් කළ බව එම සංගමය කියයි.
තම ඉල්ලීම් වලට සතියක් ඇතුළත පිළිතුරු ලබාදීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වීම නිසා මෙම තීරණය ගත් බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය කියයි.