
(ගාමිණි විතානගේ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් දැනට භාවිතයේ පවතින යානා 12 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවලට යැවීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.
ඩොලර් මිලියන 49 ක් වැයවන මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී දැනටමත් භාවිතයේ ඇති කෆිර් යානා 5ක් අළුත්වැඩියා කටයුතු සඳහා ඊශ්‍රායලයට යැවීමට තීරණය වී ඇති අතර මේ මාසය තුල එහි මූලික කටයුතු අවසන් කිරීමට ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.
එමෙන්ම මේ වනවිටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනිමින් ඇති සී 130 වර්ගයේ ගුවන් යානා දෙකක් ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කිරීමටත් සී 130 වර්ගයේම තවත් ගුවන් යානයක් පාකිස්ථානයට යවා අලුත්වැඩියා කිරීමටත් සැලසුම් කර ඇතැයි ගුවන් හමුදාව කියයි.
යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා තුනක් අලුත්වැඩියා කටයුතු සඳහා එරටට යැවීමට ද පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දශක 02ක් තිස්සේ භාවිතාවන එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3 ක් ද අලුත්වැඩියා කටයුතු සඳහා ලිතුවේනියාවට යැවීමට ද තීරණය වී ඇති අතර එම් අයි 35 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් දඑහි යැවීමට තිරණය කර ඇත.
මේ අතර චීනයෙන් වයි 12 වර්ගයේ ගුවන් යානයක් අලුතින් ගෙන එන්නට ද පුහුණු කටයුතු සඳහා තවත් කුඩා හෙලිකොප්ටර් කිහිපයක් මිලදී ගැනීමට ද ගුවන් හමුදාවේ සූදානමක් ඇතැයි පැවැසේ.
එම මිල දී ගැනීම් සඳහා මේ වනවිටත් ලංසු තබා ඇති අතර එයට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

