ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාන්විතයේදී මියගිය, ආබාධිත තත්වයට පත් වූ සහ දැනට සේවයේ නියුතු ගුවන් භටයන්ගේ තෝරා ගත් දක්ෂ දු දරුවන් 200 දෙනෙකුට "ගගන විරු සවිය" නමින් ශිෂ්‍යත්ව 200 ක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය විසින් ඒකල ගුවන් හමුදා කදවුරේදී ප්‍රදානය කරනු ලැබීය.
මෙහිදී වයස අවුරුදු 10 සිට 17 දක්වා ළමුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර මෙම ශිෂ්‍යත්වය මෙම ළමුන්සදහා උසස් පෙළ විභාගය දක්වා පිරි නමනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්.ඩී අබේවික්‍රම මහතාගේ සංකල්පයක් මත 5 වන වරටත් සංවිධානය කළ මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව මෙවර සම්පූර්න අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි.
මෙම උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය සහභාගි වූ අතර ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද එක් විය.