ගුවන් හමුදාව මහාකනදරා වැවේ වතුරෙන් මිහින්තලේ ගින්න නිවයි


මිහින්තලා රක්‍ෂිතයේ හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයක්  සාර්ථක ලෙස යොදා ගත්තේය. 
මිහින්තලා කඳුපාමුල පිහිටි මහකනදරාව වැවෙන් ජලය ගෙන ගින්න පැතිර යෑම මැඩ පැවැත්වූ බව ගුවන් හමුදාව කියයි. බම්බි බකට් නම් විශාල බාල්දියක් හෙළිකොප්ටරයට අමුණා ගැනිණි. හය වතාවක් ගින්න පැතිරුණ ප්‍රදේශයට ජලය  හෙළු බව ද ගුවන් හමුදාව කියයි.