ගුවන් හමුදාව ජීවිත බේරා ගැනීමේ රටපුරා මෙහෙයුම්


(ගයාන් සූරිය ආරච්චි)

නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි හිමිනමක ඇතුළු පුද්ගලයන් 04 දෙනකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් අද (29) උදෑසන බේරා ගත් බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා පාලවිය කඳවුරෙන් පිටත් වූ Bell – 412 හෙලිකොප්ටර් යානය මගින් එම හිමි නම ඇතුළු පිරිස මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කල බවද ගුවන් හමුදාව කියයි.

මීට අමතරව ගුවන් හමුදා රත්මලාන කඳවුරෙන් පිටත් වූ Bell – 412 හෙලිකොප්ටර් යානය මගින් දොම්පේ ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයෙකු මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවද ගුවන් හමුදාව පවසයි.