ගුවන් හමුදාපති රණවිරුවන්ගේ සුවදුක් බලයි


රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ විරෝධාර රණවිරුවන් රැඳී සිටිනා  'මිහිඳු සෙත් මැදුර'  වෙත ගිය  ගුවන් හමුදාධිපති 'එයාර් මාර්ෂල්' කෝලිත ගුණතිලක මහතා  එහි   රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලුවේය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මියද එහි ගියාය.

එහිදී ගුවන් හමුදා සංගීත කණ්ඩායම හා නර්තන කණ්ඩායම් විසින් නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි 'එයාර් කොමඩෝර්' පි.ඩි.කේ.ටි ජයසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ  හා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ  නිලධාරීහුද  එක් වුහ.

 

 DSC_9665-1 DSC_9683 DSC_9722 DSC_9725 DSC_9726 DSC_9742