ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවේ


මොරටුව ශාන්ත මයිකල් පාර අසලදී ගුවන් හමුදා නිලධරයකුගේ කාරයට හැපී හත් හැවිරිදි දරුවකු  මිය ගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.

දරුවා සීනී ගෙන ඒම සඳහා කඩේට ගොස් එද්දී මේ අනතුර සිදු වු බව පොලීසිය කියයි.

ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.