ගුවන් හමුදා ගොල්ෆ් තරඟ චීන වරායේ


ගුවන් හමුදාපති අභියෝගිතා විවෘත ගොල්ෆ්  තරගාවලිය ත්‍රිකුනාමලය චින වරාය ‘ඊගල්ස් ගොල්ෆ්  ලින්ක්‘  පිටියේදි අද උදෑසන ආරම්භ විය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.

මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 85 පමණ තරගාවලියට පැමිණ ඇති බවත් එය සාර්ථකව පැවැත්වෙන බවත් ගුවන් හමුදාව කියයි.