ගුවන් හමුදා ගිලන් රියේ හැපුණු පාපැදිකරු මරුට


මුලතිව් සිට මුල්ලියාවේලි දක්වා ගමන්ගත් ගුවන් හමුදා ගිලන් රථයක් මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී    පාපැදියක ගැටී  පුද්ගලයකු (75) මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදා   ගිලන් රථය හා එය පැදවූ ගුවන් හමුදා සොල්දාදුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.