ගුවන් හමුදා උළෙලට ආ මැටි මිනිහා


ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කටුනායන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උළෙල සඳහා දීවයිනේ පිහිටි සියළු ගුවන් හමුදා කඳුවුරුවල නිලධාරීහු හා ගුවන්භටයෝ රැසක් සහභාගී වූහ.

අවුරුදු ක‍්‍රීඩා, ජන ක‍්‍රීඩා ඇතුළු පාරම්පරික අංග බොහොමයකින් පරිපුර්ණ වූ මෙම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා වර්ණවත් විය. පාරම්පරික ඇඳුමින් සැරසුනු ගුවන් භටයෝ චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට අනුකූලව හැම දෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරදු ක‍්‍රීඩා හා තරග ඉසවි සඳහා සහභාගී වූහ. මෙම අවස්ථාවට ගුවන්හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික‍්‍රම, ගුවන්හමුදා අධ්‍යක්ෂක මණ්්ඩලය, කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඞී.එල්.එස් ඩයස් ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන් රැසක් සහභාගී විය.