මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මේ සොඳුරු යෞවනිය නිරූපණයට අත්පොත් තබමින් එහි හැදෑරීම් කටයුතුවල නිරත වෙමින් සිටින්නීය. සොඳුරු හීනයක් හිතැතිව නිරූපණයට පා තබා ඇති ඇය නමින් නිකින් ෆොන්සේකායි. ඇගේ නිරූපණ ක්‍ෂේත්‍ර යෙහි ආගමනය හා අනාගත බලාපොරොත්තු පිළිබඳව මෙලෙසින් ‘සාරවිට’ හා ඒකාත්මික වූවාය.
ඔයාගේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?
මම මේ අගෝස්තු වන උසස් පෙළ කළා. දෙසැම්බර්වල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
එතකොට නිරූපණයට එන්නේ?
මම උසස් පෙළ සඳහා දායක වුණේ නර්තන අංශයෙන්. නිරූපණයට එන අදහසක් නම් තිබ්බෙ නැහැ. මම නිරූපණය ගැන ඉගෙන ගන්නවට මගේ අම්මගේ ආසාවක් තිබ්බා. අම්මගේ උනන්දුවයි කැමැත්තයි නිසා තමා මම සර් නික් ජයමහ ළඟ නිරූපණය හැදෑරීම පටන් ගත්තේ. සාමාන්‍යයෙන් බොහෝ දෙමාපියන් කැමැති නැහැ නේද තමගේ දියණිය නිරූපණය පැත්තට යනවට? ඒ අතින් ඔබ හරි වාසනාවන්තයි නේද? ඔව් ඇත්තටම මම හරි වාසනාවන්තයි. මොකද මගේ හැම දේකදීම අම්මා මගේ ළඟින් ඉඳන් මේක මෙහෙම කරන්න කියලා මට කියලා දෙනවා. මගේ ශක්තිය එයා තමයි.
නිරූපණය පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වන්නේ?
ඔව්. නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. නමුත් මම ගොඩක්ම දක්ෂ නර්තනයට සහ රංගනයටයි. මම ඉගෙන ගත්ත දේ නිසා ඒ පැත්තෙන් යන්න ඊට වඩා ආසයි.
ඒ කියන්නේ වෘත්තීමය නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වෙන්නද කැමැත්ත?
නැහැ. මගේ අනාගත බලාපොරොත්තුව ගුවන් සේවිකාවන් වෙන්න. ඊට අමතරව කලාවත් එක්ක කාලය ගත කරන්න තමයි මම ගොඩක්ම කැමති.
පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තියෙනවාද?
ඔව් තියෙනවා.
ඒ මොකක්ද?
ගුවන් සේවිකාවක් වීම තමයි මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනය.
ඉදිරි බලාපොරොත්තුව කිව්වොත්?
නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා වගේම ගුවන් සේවිකාවක් වීමට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.
උදවු කරපු කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව්, ඇත්තටම හැම දේකදීම මගේ ළඟින්ම ඉන්නේ මගේ අම්මා, අක්කි ඒ දෙන්නාව මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මට කලාවට ආදරේ කරන්න, කලාවත් එක්ක ඉන්න ගුරුහරුකම් දෙන මගේ නර්තන ගුරුතුමියව ආදරෙන් මතක් කරනවා. නිරූපණය ගැන මට හරි විදිහට හැම දේම කියලා දෙන නික් ජයමහ සර්වත් ආදරෙන් මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - නිකිනිගේ ෆේස්බුක් ගිණුමෙනි.