
(අංජුල මහික වීරරත්න)
ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වු අතර ඒ මහතාගේ බිරිඳ, මාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස ගමන් කළ හෙලිකොප්ටර් යානා වලද නියමුවකු වශයෙන් සේවය කර තිබේ.
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් වල යෙදී සිටියදී සිදුවූ අනතුරින් ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා මිය ගියේය.

