ගුවන් විදුලි බලපත්‍රය ඉල්ලා ජනපතිට සංදේශයක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දැනට බලපත‍්‍රය අත්හිටුවා ඇති වී.අයි.පී. (එෆ්. එම්) ගුවන් විදුලි සේවය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා බලපත‍්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා අද (26) වේවැල්දෙණියේ දී සංදේශයක් අත්සන් කෙරිණි.
මෙම සංදේශයට 234 පමණ දෙනා අත්සන් කර ඇතැයි පැවසේ. මෙම ගුවන් විදුලි සේවය 2011 සිට වසර පහ හමාරක් තිස්සේ ක්‍රියාත්මකව තිබූ බවත් ඉකුත් ජනවාරි මාසයේ සිට බලපත‍්‍රය අත්හිටුවීම නිසා සේවකයින් 30 කගේ පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්ව ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ විය.