ගුවන් යානයක කොටසක් අලුත්ගම මොරගොල්ලේ මුහුදෙන් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ගුවන් යානා පිළිබඳ විශේෂඥයකු යවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් සෙනවිරත්න මහතා කියයි.
එම කොටස අයත් වන්නේ හෙලිකොප්ටරයකට ද එසේත් නැතහොත් වෙනත් ගුවන් යානාවකට ද යන්න තවම ප්‍රකාශ කළ නොහැකි බව ද සෙනවිරත්න මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගුවන් යානා රෝදයක රිම් එකක කොටසක් කීලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබී ධීවරයන් ගොඩට ගෙන ආ බවයි.

