
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් තාවකාලිකව සේවයෙන ්ඉවත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය .
මෙම තත්වය " ගැලකට අධික ලෙස බර පැටවු විට , එම ගැලෙහි ගවයාට තවදුරටත් ඇදගෙන යා නොහැකි වූ විට , එම ගවයා එතැනම ඉද ගැනීමකට " සමාන බව ජනක විජයපතිරත්න පැවසීය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල සේවක හිගයක් පවතින බවත් , මේ වනවිට අත්දැකීම් සහිත පරිනත සේවකයින් විශාල වශයෙන් රට හැර ගොස් වෙනත් විදේශීය ගුවන් සේවාවන් සමග එක් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මේ නිසා තම වෘත්තීය සමිතිය මෙම ගැටළුවලට විසදුමක් ලෙස කඩිනමින් අත්දැකීම් සහිත පරිනත සේවකයින් ශ්‍රී ලන්කන් වෙත බදවා ගන්නා ලෙසත් , දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානාවලට ගැලපෙන පරිදි නව ගුවන් ගමන් කාළසටහනක් සකස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ජනක විජයපතිරත්න පැවසීය . එමගින් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් වලක්වා ගැනීමට හැකි බව ද හෙතෙම පැවසීය .

