ගුවන් භටයා ගුරුවරිය අල්ලේ නටවන්න හදයි


දෙහිඅත්තකණ්ඩියේ ගුරුවරියක (26) රවටා ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇයට අවමාන තර්ජන කළැයි කියන ගුවන් භටයකුට එරෙහිව කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ගුවන් භටයා කාන්තාවට දුන් දුරකතන ඇමතුමේ තොරතුරු සපයන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දුරකතන සමාගමට අද නියෝග කළේය.

ඇය කියා සිටියේ තමා ඔහු සමග කොළඹ කොටුවේ කාමරයකදී මුණ ගැසීමට පුරුදු වී සිටි බවයි.

එක් අවස්ථාවකදී ඔහු තමාගේ නිරුවත් ඡායාරූප වීඩියෝ ගත කළ බව ද ඇය කීවාය.

තමා මාසයකට පෙර විවාහ වූ බවත් ඉන්පසුව ද ඔහු නියරම තමාට හමුවන ලෙස දැන්වූ බවත් කීවාය. එසේ නොකළහොත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළැයි ද ඇය පැවසුවාය.