ගුවන් බළගණ නායක රිමාන්ඩ්


තමන්ට අයත් නැති බව කියන හයිබ්‍රිඩ් කාරයක් , ජංගම දුරකථන 5 ක් ටැබ්ලට් පරිගණකයක් හා මත්පැන් බෝතල් කිහිපයක්ද සමග වවුනියාව ඉරට්ටපෙරියකුලමේදී අත් අඩංගුවට ගත් ගුවන් හමුදා බළගණ නායක කපුගම ලලිත් නිශාන්ත වව්නියා මහේස්ත්‍රාත් රාම කමලන් මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු කුමක් සඳහා එම ස්ථානයේ රැඳී සිටියේදැයි පැවසීමට අපොහොසත්වූ බව පොලිසිය කියයි.