ගුවන් නියමුවා 165කගේ පණ බේරයි


මගීන් 165ක් සමගින් බුකාරෙස්ට් නුවර සිට රෝමයේ සිආම්පිනෝ ගුවන්තොටුපළ දක්වා පැමිණි හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබෑමට සුදානම් වෙත්ම එහි වම් පස රෝදය පහළට නො එමෙන් ගුවන් නියමුවන් මහත් අභියෝගයකට මුහුණ දුන්හ.

විගස දිග ධාවන පතයක්  ඇති ළගම පිහිටි ෆියුමින්චිනෝ ගුවන් තොටුපළට යානය හැරවු නියමුවෝ ඉදිරි පස රෝදයත් දකුණු පස රෝදයත් දකුණු පස ඈන්ජිමත් පමණක් උපයොගි කර ගනිමින් යානය සාර්ථකව ගොඩබැස්සුහ.

මගීන් තිදෙනෙකුට සුළු තුවාල සිදු වු බවත් කුඩා දරුවන් ඇතුළු අනෙක් මගින් දැඩි කම්පනයකට පත්වසිටි බවයි. ෆියුමින්චිනෝ ගුවන් තොටුපළ පොලිසිය කියයි.