රත්තරන් බව කියමින් පිත්තල බෝල තොගයක් රුපියල් ලක්ෂ 30කට විකුණා සැඟවී සිටි බව කියන පුද්ගලයකු මලයාසියාව බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආගමන විගමන අංශයට ලැබුණු නියෝගයක් අනුව අත්අඩංගුවට ගත් මේ තැනැත්තා කුරුණෑගල වැහැර පදිංචිකරුවෙකි.