ඉල්ලීම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද සවස අකුර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරැඹීය.
හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, ගිලනුන් රැගෙන යන ගුවන් යානා, සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ කටයුතුවල නියුතු ගුවන්යානා, මානුශීය මෙහෙයුම්වල නියුතු ගුවන්යානා සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බාධාවක් ඇති නොවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත වන යානා සඳහා මෙමගින් බලපෑම් ඇති විය හැකි බවත් එම සංගමය කියයි.