එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය වීමෙන් පසු එය යළි ගොඩ නැගීමට උත්සහ කළ බව පැවසෙන සුන්දරලිංගම් කජිපන් හෙවත් තේවියන් නැමැත්තාගේ මව වන සුන්දරලිංගම් රංජිතා මාලා යන අය කැනඩාව බලා යාමට අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රාජ්‍ය බුද්ධි සේවයේ බාරයට ගනු ලැබුවාය.
ඇය යාපනයේ චාවාකච්චේරියේ සිට අද අලූයම එකට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇත. අද අළුයම 4.35 ට ගුවන්ගතවීමට නියමිතව තිබු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් දෝහා හරහා කැනඩාව බලා යාමට ඇය පැමිණ ඇති බව අනාවරණය වෙයි.
එම අවස්ථාවේ ආගමන විගමන අංශයෙන් ඇය අසාදු ලේඛන ගත වී ඇති බැව් වාර්ථා වීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් ඇය ඔවුන්ගේ බාරයට ගෙන ඇත.
ඇගේ පසුබිම් වාර්ථාවල අඩුවක් පවතින බැවින් ඒවා රැගෙන එන ලෙස දන්වා ඇය ආපසු හරවා යවා ඇති බව අනාවරණය වෙයි.
ඇයට පසුගිය ඔක්තොම්බර් 9 වෙනිදා සිට වසර පහක කාලයක් සඳහා කැනේඩියානු වීසා ලැබී ඇති බවද අනාවරණය වී ඇත..
එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නැවත හිස එසවීම සඳහා කජීපන් පොන්නයියා සෙල්වනායගම් ගෝපි හෙවත් කාසියන් යන අය සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන්ගේ සහය ඇතිව සැලසුම් සකස්කරන බව ආරක්ෂක අංශ තහවුරු කරගැනීමෙන් පසු පසුගිය අප්‍රියෙල් 10 වෙනිදා නැදුන්කර්නි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කරන ලද මෙහෙයුමකදී කජීපන් පොන්නයියා හෙවත් ගෝපි , සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන් සහ නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් යන තිදෙනා ජීවිතක්ෂයට පත් වුහ.
සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප්‍රහාරයට, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 2007 ප්‍රහාරයට සම්බන්ධ බවටද තොරතුරු හෙළිව ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
වාර්තා වී ඇති ආකාරයට තේවියන් යනු ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය නගා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවෙකි.
පසුගිය 05 වෙනිදා ද මේ අයුරින් කජීපන් පොන්නයියා සෙල්වනායගම්, කාසියම් හෙවත් ගෝපි නැමැත්තාගේ බිරිඳ වන ගජීදන් සර්මිලා නැමැත්තියවද ස්විස්ටර්ලන්තය බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ඇගේ නම අසාදු ලේඛන ගත කර තිබු බැවින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආපසු හරවා යවනු ලැබීය.
තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දැමීමෙන් අනතුරුව ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයෙකද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

