ගුවන් අවුරුදු කුමරියෝ


වැඩවසම් ක්‍රමයේ දායාදයක් වන ආරච්චි කේන්ද්‍රකැර ගත් පැරණි ගමක ස්වරූපයෙන් ජන ක්‍රීඩා ද සහිත අවුරුදු උත්සවයක් රත්මලාග ගුවන් හමුදා කඳවුරේ දී අද පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති රොෂානි ගුණතිලක මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වූ අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතා සහභාගී විය.