කෘමින් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතලිස් දහසක් ගබඩා කර බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය සතොස සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට සිතාසි නිකුක් කළාය.
මෙම සිද්ධියට අදාල නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ සතොස ආයතනය වෙනුවෙන් එහි නියෝජිතයකු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළේ සතොස ආයතනය වෙනුවෙන් එම නියෝජිතයාගේ පෙනී සිටීම පමණක් අධිකරණයට ප‍්‍රමාණවත් නොවන බවයි. එම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ දැක්වීමට සතොස ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නිගමනය කළ මහේස්ත‍්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔවුනට මෙලෙස සිතාසි නිකුත් කැරිණි.
අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත සතොස ගබඩාවේ කළමනාකාරිය වන දිනූෂි දසනායක සහ අනුරාධපුර නව බස් නැවතුම්පළ සතොස කළමණාකාරවරිය වන ඉෂාරා මහනාමට මාර්තු 23 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසටද තවදුරටත් නියෝග කෙරිණි.
මහජන පරිභෝජනයට නුසුදුසු සහල් වල සාමිපල රජයේ රස පරික්ෂවරයා වෙත යවා එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මීට පෙර නියෝග කැරිණී.

