නව රජයෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මොරොන්තුඩුව ශ්‍රී මහා බෝධි විහාරයේදී ගැබිණි මව්වරුන් 200 කට පමණ බෙදා දුන් පෝෂණ මලු අතර පනුවන් ගැසූ සහල් තිබී ඉවත් කළ බව, කළුතර ප්‍රාදේශීය ලේකම් විමල් ගුණතුංග මහතා කියයි.
සමූපකාරයකින් ගත් මෙම සහල්වලට මුදල් නොගෙවන බවද ඔහු පවසයි.
ගැබිණි මව්වරුන්ට හොඳ සහල් දින කිහිපයකින් ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.





