අහුංගල්ලේ ලලිත රාජපක්ෂ විදුහල අසල මාපිය උද්ඝෝෂණයක් නිසා ගාලුපාරේ වාහන තදබදයක් පවතී
මේ වන විට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත උද්ඝෝෂණයට හේතුව මව්පියන් කියන පරිදි ගුරුවරු 7ක හිඟයක්දැයි විදුහල්පතිගෙන් විමසූවිට ඔහු පැවසුවේ මාධ්‍යට උත්තර දිය නොහැකි බවයි.
මෙම උද්ඝෝෂණය පස්වරු 1.15 ට පමණ අවසන් විමත් සමඟ ගාලු පාරේ වාඩී වී සිටි මව්පියෝ ඉවත් වුහ. ඉංග්‍රිසි ගුරුවරුයකු ලබන බදාදා සිට ලැබෙන බවත් සෙසු ගුරු පුරප්පාඩු ඉක්මණින් පියවන බවත් කලාප අධ්‍යාපන කාර්යාලය පොරොන්දු වු බව මව්පියෝ කියති.
ඡායාරූප - හේමන්ත ද සිල්වා
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා









