ගුරුවරුන් 240ක් රට රැකියාවේ


වයඹ ගුරුවරුන් දෙසිය හතලිස් දෙනකු රාජකාරී නිවාඩු ලබා ඉතාලියෙත් මැද පෙරදිගත් රැකියාවලට ගොස් ඇතැයි ද පන්ලක්ෂයක් පමණ වන සිසුන්ට එය බලවත් පාඩුවක් යැයි ද වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා කුලියාපිටිය විශාඛා විද්‍යාලයේදී ප්‍රකාශ කළේය. ‘‘මේ ගුරුවන් අවුරුදු තුන හතරකට පසුව යළි අවුත්  උගන්වන්නේ කොහොමද? උගන්වන්නේ මොනවාද? මේ ක්‍රමය නතර කිරීමට තීරණය කර තිබෙනවා. මින් පසු ගුරුවරුන්ට රාජකාරී නිවාඩු පිට රැකියාවලට යන්න දෙන්නේ නෑහැ.“