ගුරුවරු දෙන්නා අත්අඩංගුවට


මාර්තු තුන් වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු නොසන්සුන්තාව වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීනට පහර දීමට හේතුවූ විරෝධතාවය පැවැත්වීමට කුමන්ත්‍රණය කළැයි එම විද්‍යාලයේ ශිෂ්‍ය භට ගුරුවරයෙක් සහ ඉංග්‍රීසි ගුරුවරයෙක් මීට ටික වේලාවකට පෙර ගම්පහ අපරාධ විමර්ශන අංශයේ අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුහු බණ්ඩාරනායක විදුහලේ සිට වෙනත් පාසල් දෙකකට මාරු කරනු ලැබ සිටිති.

සිසු ගැටුම නිසා දින නියමයක් නැතිව වසා දැමුණු බණ්ඩාරනායක විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ පන්ති ආරම්භ වූයේ අද (17) දිනයේ ය.