නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන් වෙනුවෙන් "ගුරු අත් හුරුව" මැයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩමුවක් පැවැත්විණි.
පෙර පාසල් 25 ක ගුරුවරියයෝ 60 මේ සඳහා එක්වු.මෙහිදි නැටුම් ගැයුම් හා සිතුවම් පුහුණුවක්ද ගුරුවරුයන් වෙත ලබා දුන අතර විජය , බිලිඳු ළමා පුවත්පත්වල ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවිර මහතා සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිණි දිනුෂා නිශාන්ති මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ.
නෙළුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. කේ .විතාන මහතාගේ උපදෙස් පරිදි මුල් ළමා විය සංවර්ධන නිලධාරිනී අනුෂා රුවන් කුමාරි මහත්මිය විසින් සංවිධානය කළ විජය පුවත් පත් සමාගමේ බිළිඳු පුවත්පත සහ වර්ල්ඩ් විෂන් ආයතනය වෙනුවෙන් එහි අධ්‍යාපන සම්පත් සමිබන්ධි කාරක තුසිත පිරිස් මහතා අනුග්‍රාහකත්වය දැක්වීය