ගුරුවරියට තර්ජනේ වෙන හේතුවක්ලු


නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජනය කර ලිපි යැවීමේ අරමුණ ඇගේ නඩුවේ සාක්කිකරුවකු වූ පුණ්‍යසේන මහතාගේ මරණය ගැන  පරීක්ෂණ වෙනත් දිසාවකට යොමු කිරීම බව පෙනේ යැයි ලංකා ගුරු සංගමය කියයි.

පුණ්‍යසේන මහතාගේ මරණයත් සමග තැතිගැන්මට ලක්ව සිටින සුසිලා ගුරු මහත්මිය මේ ලිපිය ලැබීමෙන් පසු තවත් බියට පත්වී ඇතැයි ද, මේ ලිපිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන අතර තුර පුණ්‍යසේන මහතාගේ මරණය ගැන විමර්ශන ද නොනවත්වා කරගෙන යන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බව ද  සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

නවගත්තේගම නවෝද්‍යා පාසලේ සේවය කරමින් සිටිය දී පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇය දණගැස් වූ නඩුවේ සිව් වැනි සාක්කි කරු වූයේ පුණසේන මහතාය.

ඔහුගේ සිරුර පසුගිය දා නවෝද්‍යා විද්‍යාලයය ඉදිරිපිට වත්තේ ඇති ළිඳකින් සොයා ගැනිණි. මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මරණය පිළිබඳ තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අධිකරණය වෛද්‍යවරයා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණයට යොමු කළේය.