ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්


පාසල් කාලයේ තමනට සිදුවූ අතවරයක් ගැන ගුරු සංගම් කාර්යාලයයේ දී මාධ්‍යයට අදහස් දැක්වීයැයි කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක වැරදිකාරිය කර දඩුවම් පැමිණවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 14 වැනි වගන්තියේ සඳහන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරන එම ගුරුවරිය සාධාරණයක් පතා කළ ප්‍රකාශයට දඩුවම් පැමිණවීමෙන් සිදුව ඇත්තේ පැමිණිලි කාරියට දඩුවම් කිරීමක් බවත්, විවිධ වරප්‍රසාද ලත් පිරිස් තම අභිමතය පරිදි විවිද ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කළ ද ඊට එහෙරිව ආයතන සංග්‍රහය ක්‍රියාත්මක නොවන බවත්, ගුරු සංගම් ක්‍රියාකාරිකයකුට මාධ්‍යයට අදහස් දැක්විය හැකිව තිබිය දී ගුරුවරියට දඩුවම් දී ඇති බවත් එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

තාක්ෂණයෙන් හා සන්නිවේදනයෙන් දියුණු වර්තමාන සමාජයේ මෙම දඩුවම තොරතුරු ලබා ගැනීමේ හා ලබා දීමේ අයිතියට බරපතල බාධාවක් බව ද, ඒ තුලින් ඇතැම් ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා ජනමාධ්‍යයට යෑම ඇහිරෙන බව ද, ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය හා සිවිල් සංවිධානවලින්  ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පවසයි.