ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්


කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියකගේ වීසා ක්‍රෙඩිට් කාඩ් පත සොරාගෙන විවිධ ප්‍රදේශවලින්  රුපියල් 36000ක බඩු මිලදී ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ එම පාසලේ ගුරුවරියක හා ඇගේ සැමියා වරද පිළි ගැනීමෙන් පසු මාස 6 බැගින සිර දඬුවම් සහ රුපියල් 4500 බැගින දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. සිර දඬුවම් වසර පහකට අත්හිටුවන ලෙස ද නියෝග කෙරිණි.  මෙසේ දඬුවම් නියම වූයේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි නිර්මලී වෙත්තසිංහ සහ නිශ්ශංක ෆොන්සේකාටයි.